Wednesday, September 9, 2009

සහතික පත‍්‍ර ප‍්‍රධානය

සාර්ථක ලෙස පුහුණුව නිම කරන සීමාවාසිකයන් හට ක්ෂේත‍්‍රයේ පිළිගත් සහතික පත‍්‍රයක් නිකුත් කරනු ලබන අතර එය ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් සහභාගීවන උත්සහයකදී ඔවුන් අතින් ලබා දීමට කටයුතු කරනු ඇත. මෙය පුහුණුව ලත් නව ක‍්‍රියාකාරීන් සහ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් මුණගස්වන අවස්ථාවක් ලෙසද හැඳින්විය හැකිය.




ක්ෂේත‍්‍ර සමීක්ෂණය




මෙතෙක් පැවති සීමාවාසික පුහුණු වැඩසටහන යටතේ කණ්ඩායම් දෙකක් ක්ෂේත‍්‍ර සමීක්ෂණයන්ට සම්බන්ධ විය. මෙම කණ්ඩායම් දෙකම පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 4ක ජනතාව සතු මානව හිමිකම් පිළිබඳ දැනුම පිළිබඳව මෙම සමීක්ෂණ මෙහෙයවන ලදි.



එම ක්ෂේත‍්‍රයෙන් ගත් දත්ත භාවිතා කර අංග සම්පූර්ණ සමීක්ෂණ වාර්ථාවක් ආයතනයට ඉදිරිපත් කිරීමෙන් පසු තම අධ්‍යයනය නිම කිරීමට ඔවුන් කටයුතු කළහ.

ක්ෂේත‍්‍ර ක‍්‍රියාකාරකම්

ක්ෂේත‍්‍ර ක‍්‍රියාකාරකම්

සීමාවාසිකයන් වෙනත් ආයතන වෙත ගොස් එම ආයතන පිළිබඳ පූර්ණ හැදෑරීමක් කර එම දත්ත යොදාගෙන Power Point ඉදිරිපත් කිරීම් කරති.


මෙහිදී ආයතනික කාර්‍යයන් සම්බන්ධීකරණය වන අයුරු, වෙනත් ආයතනයන්හී ආයතනික ව්‍යුහයන්, වැඩසටහන්, කාර්‍යමණ්ඩල, සහ ආයතනයන්හී දැක්ම, මෙහෙවර, අරමුණු ආදිය පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබේ.

සිව්වන කණ්ඩායම

මෙම කණ්ඩායමේ සාමාජිකයන් අතර කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයින්, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා විශේෂ උපාධි අපේක්ෂක්ෂිකාවන්, එම විශ්ව විද්‍යාලයේම දේශපාලන විද්‍යා විශේෂ උපාධි අපේක්ෂකයින්, මෙන්ම ෂඡුඵ ආයතනයේ අධ්‍යයනයේ නියුතු ශිෂ්‍යයෙක්ද විය. මොවුන්ද මේ වන විට නිදහසේ වේදිකාවේ කටයුතු සමග සම්බන්ධ වී කටුයුතු කරගෙන යති.

තුන්වන කණ්ඩායම


මෙම කණ්ඩායමේ සාමාජිකයන් අතර කැළණිය විශ්ව විද්‍යාලයේ සාමය හා ගැටුම් නිරාකරණය උපාධි අපේක්ෂිකාවක්, කැළණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා විශේෂ උපාධි අපේක්ෂිකාවක්, කැළණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදනය උපාධිධාරීන්, නීති විද්‍යාලයේ උපාධි අපේක්ෂකයන් විය. මොවුන්ද මේ වන විට නිදහසේ වේදිකාවේ කටයුතු සමග සම්බන්ධ වී කටුයුතු කරගෙන යති.

පසුගිය සීමාවාසික පුහුණු වැඩසටහන් පිළිබඳ විස්තර

දෙවන කණ්ඩායම


මෙම කණ්ඩායමේ සාමාජිකයන් අතර කැළණිය විශ්ව විද්‍යාලයේ සාමය හා ගැටුම් නිරාකරණය උපාධි අපේක්ෂකයන්, එම විශ්ව විද්‍යායේම ජාත්‍යන්තර අධ්‍යයනය උපාධි අපේක්ෂකයන්, කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ උපාධි අපේක්ෂිකාවන්, විවෘත විශ්ව විද්‍යාලයේ නීති උපාධි අපේක්ෂකයන් විය. නිදහසේ වේදිකාව නම් ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් සඳහා වූ ක‍්‍රියාකාරීත්වය සමග එක්ව මින් බොහෝ දෙනෙක් කටයුතු කරගෙන යති.



පළමු කණ්ඩායම

මෙම කණ්ඩායමේ සියලූම සාමාජිකයන් කැළණිය විශ්ව විද්‍යාලයේ සාමය හා ගැටුම් නිරාකරණය උපාධි පාඨමාලාවේ උපාධි අපේක්ෂකයන් විය. මේ වන විට මෙම සීමාවාසිකයන්ගෙන් 4 දෙනෙක්ම ආයතනයේ කාර්‍යමණ්ඩලයේ සාමාජිකයන් ලෙස කටයුතු කරමින් සිටිති. අනෙක් සීමාවාසිකයන්ද සම්බන්ධතාවයන් සහිතව කටයුතු කරගෙන යති.